Life
ළමුන් අතර තරබාරු බව ඉහළට
ලොව පුරා ළමුන් වැඩිහිටියන්ට වඩා අධික වේගයෙන් තරබාරු බවට පත් වෙමින් සිටින
බව "නිව් එන්ග්ලන්ඩ් ජර්නල් ඔµa මෙඩිකල්" වෛද්‍ය සඟරාවෙහි පළ කර ඇති නවතම
අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ.
මේ වන විට ලොව වැඩිම තරබාරු ළමා
ජනගහනය සිටිනුයේ චීනයේ වන අතර එම සංඛ්‍යාව මිලියන 15.3 කි. ලොව දෙවැනි
විශාලතම තරබාරු ළමා ජනගහණය ඉන්දියාවේ වාසය කරන අතර එම සංඛ්‍යාව මිලියන 14.4
කි. ළමුන් වැඩි වශයෙන් තරබාරු බවට ගොදුරු වීමට හේතු වී ඇත්තේ ධනවත් බව හෝ
ආදායම් මාර්ග වැඩිවීම නිසා නොව ශක්තිජනක ආහාර අධිකව පාරිභෝජනයට හුරු වීම
බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
මෙම අධ්‍යයනය මෙහෙයවූ සහායක මහාචාර්ය
වෛද්‍ය අෂ්කන් අµaෂින්ට අනුව ශරීරයෙහි බර අධිකව වර්ධනය වීම මෙම කාලයේ ලොව
පවතින දැඩි අභියෝගාත්මකව මහජන සෞඛ්‍ය ගැටලුව බවට පත්ව තිබේ.
මේ නිසා
ශරීරයෙහි තරබාරු බව මැන බලන ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් බී එම් අයි අගය ඉහල
යාමේ ප්‍රවණතාවය තවදුරටත් අඩු කරලීමට මැදිහත් වී ක්‍රියා කළ යුතුව ඇතැයි
ඔහු සඳහන් කර සිටී.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන
පෝෂණවේදියෙකු වන වෛද්‍ය ඇලිසන් ටෙඩ්ස්ටෝන්ට අනුව ගෝලීය වශයෙන් මෙම තරබාරු
වසංගතයට විසඳුම් සැපැයීමට නම් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව
ඇත.
ඔහුට අනුව එංගලන්තය තරබාරු බව පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීම
සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගෙන ඇති ලොව ප්‍රධානතම රට වන අතර ලොව සෙසු රටවල්ද
එම තත්ත්වය උදාහරණයට ගෙන ඒම ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් මෙම
ප්‍රශ්නයට විසඳුම් සෙවීම අසීරු නොවනු ඇත.
එංගලන්ත සෞඛ්‍ය බලධාරීන්
කුඩා ළමුන් වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන ආහාර වර්ගවල අන්තර්ගතව පවතින
සීනි ප්‍රමාණයන් අඩු කරලීම සඳහා එරට ආහාර කර්මාන්තකරුවන් වෙත උපදෙස්
මාලාවක් නිකුත් කර තිබේ. ඒ හරහා දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග රැසක්ද
වළක්වාලීම ඉලක්ක කර ගෙන ඇතැයි හෙතෙම අවධාරණය කළේය.
තරබාරු බව 1980
වසරේ සිටම ලොව පුරා වර්ධනය වෙමින් පවතින සෞඛ්‍ය ගැටළුවක් වන අතර එතැන්
සිට ලොව පුරා රටවල් 70 ක පමණ තරබාරු බව දෙගුණයකින් වැඩි වී තිබේ.
වැඩිහිටියන් හා ළමුන් අතර තරබාරු බව ඉහළ මට්ටමක පවතින රට බවට ඇමරිකා
එක්සත් ජනපදය පත්ව ඇති අතර එම ප්‍රතිශතය රටේ ජනගහනයෙන් සියයට 13 කි.
ලොව
වැඩිම තරබාරු ජනගහනය සිටින රට ඊජීප්තුව බව අනාවරණය වී ඇති අතර එරට
වැඩිහිටියන් ගෙන් සියයට 35 ක් තරබාරුභාවයට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය
විසින් ඊජීප්තුවෙහි තරබාරු බව වැඩි වීමට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ
ඊජීප්තු වැසියන් අතර කායික ව්‍යායාමය මඳ වීමයි. එහෙත් පෝෂණවේදියක වන
වෛද්‍ය ෂෙරින් එල් ෂිමිට අනුව ඊජීප්තු වැසියන් අතර තරබාරු බව වැඩිවීමට හේතු
වී ඇත්තේ ඊජීප්තු වැසියන් සීනි ආහාරයට ගැනීමට දැඩි ඇල්මක් දැක්වීමයි.
ලොව අඩුම තරබාරු ජනගහණය සිටිනුයේ බංග්ලා දේශය හා වියට්නාමය යන රටවල වන අතර එම ප්‍රතිශතය සියයට 1 ක් වේ.
ලොව පුරා රටවල බිලියන 2.2 ක් වන ළමා හා වැඩිහිටි ජනගහනයන්ගෙන් සියයට 30 ක් ශරීරරයෙහි බර වැඩි වීමේ ප්‍රශ්නයට ගොදුරුවී සිටිති.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks